රාජපක්ෂ ආණ්ඩුව CIA ඔත්තුකරුවෙකුට ඩොලර් මිලියන 6.5 ක් ගෙවලා – Sunday Times | Ceylon Britannia

2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුල ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු මධ්‍යම ඔත්තුසේවා(CIA) නිළධාරියෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇතැයි වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත විසින් හෙළිදරව් කර ඇත.

ඊමාඩ් සුබෙිරි නැමැති මෙම පුද්ගලයා වසර 10 කට වැඩි කාලයක් CIA ඔත්තුකරුවෙකු ලෙස සේවය කර ඇති අතර පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුල ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල දැමිම සඳහා ශ්‍රි ලංකා රජය විසින් මෙම ඔත්තුකරුවාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදල ගෙවා ඇතැයි වෝල් ස්ටී්‍රට් ජර්නල් මාධ්‍යවේදි බයිරන් තාබු පවසයි.

මේ වන විට ඇමරිකානු රජය විසින් මෙම ඔත්තුකරුවාව මූල්‍ය අක්‍රමිකතා සහ විදේශ සේවයේ දි සිදුකල වැරදි හේතුවෙන් වසර 12 ක සිර දඬුවමකට යටත් කොට ඇති අතර ශ්‍රී ලංකා රජයෙන් ලැබුනු ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදල ඔහු සහ ඔහුගේ බිරිඳ විසින් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වියදම් කර ඇතැයි වාර්තා වේ.

#PresSL #lka #CeylonBritannia

 7,099 total views,  2 views today

Loading...