හිසට තුවාලයි, මානසික අවපීඩනයත් හැදිලා – කිරුළ අහිමිවූ පුෂ්පිකා රෝහල්ගත කරයි | Ceylon Britannia

ඊයේ රාත්‍රියේ පැවති Mrs.Sri Lanka තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වාගේ ඔටුන්න උදුරා ගැනීමෙන් පසු හිසට සිදුවූ තුවාල හේතුවෙන් අද ඇය රෝහලට ඇතුළත් කර තිබේ. වත්මන් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි මහත්මිය Mrs. Sri Lanka 2021 කිරුල පුෂ්පිකාට පළඳා සුළු වෙලාවකින් ප්‍රසිද්ධියේම ගලවා දැමීම නිසා සමාජ මාධ්‍ය තුල ඒ සම්බන්ධව දැඩි කතාබහක්ද ඇතිවී තිබෙනවා.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන ආකාරයට බලහත්කාරයෙන් කිරුල ඉවත් කිරීමේදී පුෂ්පිකාගේ හිසට තුවාල සිදුවී ඇති අතර එහි වේදනාව සහ සිදුවූ සිදුවීමේ වේදනාව නිසා ඇය මානසික අවපීඩනයකින්ද පෙළුන බවයි ඇයගේ සහායකයකු පවසා ඇත්තේ. පුෂ්පිකා තම ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද නොවූ බවත් ජූරි විසින් ඇයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

වේදිකාවේදී ජූරිගේ ක්‍රියාවන්ට සහාය දුන් කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රට එරෙහිව පුෂ්පිකා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් තමාට හානියක් කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධව ඩේලි මිරර් පුවත් වාර්තාව පහතින්

http://www.dailymirror.lk/breaking_news/Uncrowned-Mrs-Sri-Lanka-admitted-to-hospital-following-brawl/108-209359

#PresSL #lka #CeylonBritannia

 14,737 total views,  50 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *