රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි : පෙත්සම ඉවතට | Ceylon Britannia

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.


සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම රිට් පෙත්සම ගොනු කරන ලදි.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට සහන ලබා දීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කරන ලදී .

#PresSL #lka #CeylonBritannia

 449 total views,  20 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *