” කිරුළ හිමි විවාහකයින්ට මිස දික්කසාද අයට නොවේ ” – වේදිකාවට පැමිණි ලෝක විවාහක රූ රැජිණ ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි (VIDEO) | Ceylon Britannia

ඊයේ සවස (04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා.

මවුරට වෙබ් අඩවිය විසින් ඊයේ දිනයේදී පුවතක් පල කරමින් කියා සිටියේ මෙහි කිරුළ හිමිවනුයේ කාටද යන්න ඒ වනවිටත් සංවිධායක මණ්ඩලය තෝරාගෙන අවසන් වී ඇති බවත් ,ඒ සඳහා මෙරට ප්‍රමුඛ පෙලේ නිරූපණ ශිල්පියෙකු සහ මෙවැනි පැජන්ට්ස් සංවිධානය කරන අයෙකුද බලපෑම් කර ඇති බවයි.

එමෙන්ම රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තරය වෙනුවෙන් තරඟ වැදීම සඳහා ඉතා නිවැරදි විනිශ්චයකින් අයෙකු තෝරා පත් කරගත යුතු වනවා.

එවන් තත්වයක් තුල විවාහයෙන් පවා වෙන් වී සිටින අයෙකුට එම කිරුළ ලබා දීමේ සූදානමක් පවතින බවට සෙසු තරඟකාරියන් චෝදනා කර සිටියා.

එම සියලුම පුවත් සනාත කරමින් අවසානයේදී එහි ජයග්‍රාහිකාව තෝරා ගනු ලැබුවා.

එම අවස්ථාවේදී හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි.

එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා.

එම අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් විසින් අත්පොලොසන් ලබා දෝ එය අනුමත කරනු ලැබීම විශේෂත්වයක්.

#PresSL #lka #CeylonBritannia

 4,082 total views,  2 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *