ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ප්‍රමිතියකින් යුතුව මෙම නිෂ්පාදන සිදුකිරීම හරහා ලෝකය ජය ගැනීමට හැකිබවත් මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට හැකි බවද සඳහන් කර සිටියා.
මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
#PresSL #lka #CeylonBritannia
860 total views, 21 views today