ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්රිකට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කිරීමට සමත් වුනා.
ශ්රී ලංකාව වෙනුවෙන් 07 වන කඩුල්ල සඳහා නොදැවුනු ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අශේන් බණ්ඩාර සහ වනිදු හසරංග මෙහිදී සමත් වුවා. එහිදී අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් සහ වනිඳු හසරංග නොදැවී ලකුණු 80ක් රැස් කරගනු ලැබුවා.
වනිඳු හසරංග සිය පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කළ අතර එහිදී ඔහු ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුවා.
ඒ, ඔහු 8 වන පිතිකරු ලෙස ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්විමයි. එහිදී ඔහු අතින් බිඳ වැටුනේ මිට පෙර ශ්රී ලංකා වේග පන්දු ක්රීඩක නුවන් කුලසේකර විසින් රැස් කළ ලකුණු 73 වාර්තාවයි.
#PresSL #lka #CeylonBritannia
1,818 total views, 20 views today