එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී ශ්රී ලංකාවට එරෙහිව පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. අන්තර්ජාතික වශෙයන් එන බලපෑම්වලට මුහුණදීමට වත්මන් රජයට හැකියාවක් පවතින බවද ශක්තිමත් රජයක් ලෙස ඒ සඳහා මුහුණ දෙන බවද ඔහු ප්රකාශ කරයි.
ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්රකාශයට පත්කරන ලද වාර්තාව පදනම් කරගනිමින් එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු රටවල් 6ක් විසින් මෙවර ශ්රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබෙන අතර මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පදනම් කරගනිමින් මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බවට ශ්රී ලංකාව පිළිබඳ යෝජනාවට සමඅනුග්රහය දැක්වූ අදාළ රටවල් ප්රකාශ කර තිබේ.
මහින්ද අලුත්ගෙදර
#PresSL #lka #CeylonBritannia
306 total views, 117 views today