ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පිරිස ලක්ෂ 03 ඉක්මවයි | Ceylon Britannia

එන්නත් 39,078 ක් ඊයේ (20) දිනය තුළ ලබාදීමත් සමග මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302, 857 ක් බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ දිනයේ කොවිඩ් – 19 ආසාදිතයින් 543 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව පසුගිය දින තුන තුළ දෛනික කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වීම 500 සීමාව දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.

මේ අතර, වැඩිදුරටත් අදහස් දැක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, මේ වනවිට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදුකළ බවයි.

#PresSL #lka #CeylonBritannia

 5,426 total views,  886 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *