සමගි ජන බලවේගයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ ආකාරයෙන් එන්නත ප්‍රතික්ෂේප කළ පිරිස අතර හරින් ප්‍රනාන්දු, මුජුබර් රහුමාන්, හේෂා විතාන, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිස සිටින බව පැවසේ .
එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමා මන්ත්‍රී වරප්‍රසාදක් ලෙස කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවය.
තවද තමන්ට වඩා පාසල් දරුවන්, ගුරුවරුන්, සනීපාරක්ෂක සේවකයින් වැනි සාමාජය සමග නිරන්තරව ගැටෙන විවිධ තලවල පිරිස්වලට මෙම එන්නතේ අවශ්‍යතාව ඇති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, තමාට ලැබෙන එන්නත එවැනි පිරිසෙන් අයෙකුට හෝ ලැබී එම පුද්ගලයා සුවපත් කළ හැකි නම්, එය තමාගේ ප්‍රාර්ථනය බවය.
එසේම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී ලබාදීම සිදුවූ අතර එහිදී අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, තිස්ස අත්තනායක, දිලිප් වෙදආරච්චි යන මන්ත්‍රීවරු පිරිස එනන්ත ලබාගෙන තිබේ.
#PresSL #lka #CeylonBritannia
1,454 total views, 232 views today