ජනාධිපති – වරාය වෘත්තිය සමිති සාකච්චා අසාර්ථකයි : වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති | Ceylon Britannia

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සදහන් කරති.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

#PresSL #lka #CeylonBritannia

 3,692 total views,  2 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *