අධික වර්ෂාවෙන් උතුරේ ගම්බිම් යටවේ : පුද්ගලයින් 3000ක් අවතැන් | Ceylon Britannia

උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරු පලාතේ පවුල් දහසකට ආසන්න පුද්ගලයින් 3000 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන නිලධාරී කාර් යාල පවසයි.

වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ වන අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් වාන් ජලය නිසාවෙන් ගංවතුර තත්වයක් ඇතිව තබේ.

මේ අනුව කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, කරච්චි, පූනකරී, සහ පච්චිලයිප්පලිල් ප්‍රදේශයන්හි පවුල් 550 කට ආසන්න පුද්ගලයින් 1600 කට අධික පිරිසක්ද පීඩාවන්ට පත්ව ඇති බවට වාර් ථා වෙයි.

එමෙන්ම යාපනයේ පේදුරුතුඩුව, චාවකච්චේරි, සන්දිලිප්පායි, උඩුවිල්, නල්ලූර්, මරදන්කේනී සහ කෝපායි යන ප්‍රදේශයන්හීද පවුල් 400 කට ආසන්න පුද්ගලයින් 1200 ක් පමණ පීඩාවන්ට පත්ව ඇත.

කෙසේ වෙතත් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය හේතුවෙන් පහත් බිම් යටවීමේ අවධානමක් පවතින බැවින් මේ වන විටත් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර් යාලය, යුද හමුදාව සහ ආපදාකලමනාකරන නිලධාරීන් යොදවා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ ඔවුන්ට ආහාරපාන ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

#PresSL #lka #CeylonBritannia

 2,359 total views,  2 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *