එංගලන්තය පෙබරවාරි මාසයේ මැදභාගය තෙක් නැවතත් ලොක්ඩවුන් | Ceylon Britannia

අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පෙබරවාරි මාසයේ මැදභාගය තෙක් එංගලන්තය සම්පූර්ණයෙන්ම නැවතත් ලොක්ඩවුන් කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තීරණය කලේය. දිනපතා වාර්තා වන කොරෝන රෝගීනගේ සංඛාව සීඝ්‍රයෙන් ඉහලයාම හේතුවෙන් තම රජය මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කරේය.

මේ අනුව ජනතාවට අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට නිවසින් එලියට යාම තහනම් වන අතර, පාසල්, ආපනශාලා, ජිම්, සාප්පු ඇතුළු බොහෝ ආයතන වසා දැමෙන අතර නිවසේ සිට රැකියා කිරීමටත් ඔන්ලයින් ඉගැන්වීම් කිරීමටත් බලකොරෙනු ඇත.

අඛණ්ඩව 7 වන දිනටත් එංගලන්තයෙන් දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා වාර්තා වීමත්, නත්තලින් පසු වාර්ථා වන කොවිඩි රෝගීන් සංඛ්‍යාව 50% ඉහළ යාමත් හේතුවෙන් මේ වන විට එංගලන්තයේ රෝහල් ධාරිතා මට්ටම ඉක්මවා යමින් පවතින බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය නිවේදනය කරා.

මේ අතර අද සිට ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සොයා ගත් කොරෝනා එන්නතද ජනතාවට ලබාදීම ආරම්භ කල අතර පෙබරවාරි මැද වන විට ප්‍රමුඛතා ලයිස්තු වල සිටින සියළුම දෙනාට එන්නත ලබා දී අවසාන කරන බව අග්‍රාමාත්‍යවරයා පොරොන්දු උනා.

වසංගතය ආරම්භ වූ දා සිට කොරෝනා රෝගීන් නිසා රෝහල් වලට වැඩිම පීඩනය එල්ල වූ අවස්ථාව මෙය වන බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා අපි මේ වන විට අරගලයේ අවසාන අධියරයට පැමිණ ඇති බව සදහන් කලේය.

තිලාන් ජයසේකර

#PresSL #lka #CeylonBritannia

 2,202 total views,  73 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *