මහර බන්ධනාගාරයේ රැඳවියන් 4ක් ජිවිතක්ෂයට : නොසන්සුන්තාවය හේතුවෙන් අමතර පොලිස් බල ඇණි කැඳවයි | VIDEO | Ceylon Britannia

මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල මළ සිරුරූ 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙකු රෝහල වෙත වාර්තා වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටිනවා.

අද දින සවස් කාලයේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් ඇති කළ නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කරනවා. එහිදී එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

මේ හේතුවෙන් කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් 05ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

#PresSL #lka #CeylonBritannia

 5,194 total views,  2 views today

Loading...