චීන දූත පිරිස නිරෝධායනය කරන්න බෑ – ඔවුන් චීනයේ බලවත් පිරිසක්| VIDEO | Ceylon Britannia

අද දින මෙරටට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ යෑන් ජෙයිසි මහතා ප්‍රමුඛ දූත මණ්ඩලය පිළිබඳව කතා බහක් අද (08) දින පාර්ලිමේන්තුවේදී ඇති විය.

එහිදී අදහස් දක්වමින් කලාපීය සහයෝගීතාවය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ චීන දූත පිරිසක් පමණක් නොව ඉදිරියේදී ඇමරිකන් දූත පිරිසක්ද ලංකාවට පැමිණීමට නියමිත බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ Air Bubble සංකල්පය යටතේ පිරිසක් ගෙන්වීමේදී නිරෝධායනය කිරීමක් සිදු නොවන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන ලද්දේ මෙම ක්‍රමය දූත පිරිස් සඳහා පමණක් නොව විදේශ ආයෝජකයන් සඳහාද යොදා ගැනීමට සිදුවන ක්‍රමයක් බවත් මෙහිදී සබඳතා අවම වන අයුරින් ඔවුන් පැමිණි කාර්‍යයෙන් අනතුරුව නැවත ඔවුන්ව යැවීමක් සිදුවන බවයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න නගමින් හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියේ මෙම නිරෝධායනය නොවූ පිරිස අග්‍රාමාත්‍යවරයාව සහ ජනාධිපතිවරයාව හමුවූයේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම පිරිස නිරෝධායනය කළ නොහැකි බවත් ඔවුන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තලයේ නිලධාරීවරයෙක් ඇතුළු පිරිසක් බවත් ය.

https://www.facebook.com/watch/?ref=external&v=1315957078735947

#PresSL #lka #CeylonBritannia

 4,896 total views,  2 views today

Loading...