බ්‍රැන්ඩික්ස්, ඉන්දියානු සේවකයන් පිළිබඳ සැබෑ තතු සඟවනවාද? ඊමේල් ලිපිය මාධ්‍යට | Ceylon Britannia

බ්‍රැන්ඩික්ස් සමාගම මූලික වී ගෙන ආ ඉන්දියානු සේවකයන් 60 දෙනා නිරෝධායනයට ලක් කළාද?

මේ වන විට සීඝ්‍රයෙන් පැතිරෙමින් යන බව පෙනෙන ශ්‍රී ලංකාවේ දෙවැනි කොවිඩ්-19 රැල්ලත් සමග, එය මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත විශේෂ අවධානයක් යොමු වී තිබේ.

මේ අතර, මේ වන විට සමාජ ජාලවල සංසරණය වන මෙම ඊ මේල් පණිවුඩයෙන් පෙනී යන්නේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ලංකාවේ මත්තල වෙත UL1159 ගුවන් යානාවෙන් 2020 සැප්තැම්බර් 22 වැනිදා ඉන්දියානුවන් 60 දෙනෙකු ලංකාවට පැමිණ ඇති බවයි.

මෙම ඊ මේල් පණිවුඩයේ බ්‍රැන්ඩික්ස් හි සම්බන්ධය පැහැදිලිව ම දක්වා ඇත. Organized by Brandix Company යැයි එහි සඳහන් වන අතර, එයින් අදහස් වන්නේ මෙම ඉන්දියානු සේවකයන් 60 දෙනා ලංකාවට ගෙන්වීමේ කාර්යය සංවිධානය කර තිබෙන්නේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් බවයි.

මේ අනුව ඉන්දියාවේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියානු ඇඟලුම් සේවක සේවිකාවන්ට වැඩබිම් තහනම් ව තිබියදී ඔවුන් ලංකාවට ගෙන්වා බ්‍රැන්ඩික්ස් ආයතනවල සේවයට යෙදවීම මේ තත්වයට හේතුවද යන සැකය මේ වන විට මතුව තිබේ.

මේ අනුව අපට මෙහිදී අසන්නට තිබෙන ප්‍රශ්නය වන්නේ මෙම ඉන්දියානුවන් 60 දෙනා ලංකාවේ බ්‍රැන්ඩික්ස් ශාඛාවන් හි සේවයේ යෙදවීමට පෙර ඔවුන්ව දින 28 ක් නිරෝධායනය කළේද යන්නයි.

මරණ 105,000 ක් සහ ආසාදිතයන් මිලියන 7කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙද්දී බ්‍රැන්ඩික්ස් ආයතනය මේ ක්‍රියාව සිදුකරන්නේ පසුගිය මාර්තු මාසයේ පටන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ දහස් ගණනක් රැකියා විරහිත තත්වයට පත් ව සිටින වාතාවරණයකදී ය.

මිනුවන්ගොඩ පමණක් නොව බ්‍රැන්ඩික්ස් ශාඛා පිහිටා තිබෙන සෙසු නගරවල බ්‍රැන්ඩික්ස් සේවකයන් ද ආසාදිතයන් බව තහවුරු වීම මගින්, එසේ ලංකාවට ගෙනා ඉන්දියානුවන් ලංකාව පුරාම විසිරී ඇති බ්‍රැන්ඩික්ස් ශාඛා ජාලය ටම යවා තිබුණිද යන සැකය ද මතු වේ.

මීට පෙර මිනුවන්ගොඩ කාන්තාවකගෙන් කොවිඩ් වසංගතය බෝ වූ බව කියමින් ලංකාවේ වගකීම් විරහිත මාධ්‍ය විසින් රංගනයක නිරත වී තිබූ අතර, එහිදී එම කාන්තාවට රෝගය බෝ වූයේ කෙසේද යන්න ගැන විධිමත් විමර්ශනයක් සිදුකෙරුණේ නැත. එම කාන්තාවගේ සැමියා ඊයේ දිනයේ ද විද්‍යුත් මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ ඇය ආසාදිතයෙකු විය හැකි එකම ක්‍රමය සේවාස්ථානය විය යුතු බවයි.

බ්‍රැන්ඩික්ස් සමාගම, ජාතික අර්බුදයකට තුඩු දී ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් වහාම ඉදිරිපත් වී කරුණු නොසඟවා හෙළි කළ යුතුය.

මේ අතර, මෙම ඊ මේල් පණිවුඩයේ ග්‍රාහක ලැයිස්තුව අනුව ‘කොවිඩ්‘ හට ද ඉන්දියානු සේවකයන් මෙරටට පැමිණීම ගැන දැනුම් දී තිබේ!

#LNW #PresSL #lka #CeylonBritannia

 789 total views,  2 views today

Loading...