දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් | Ceylon Britannia

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

‘හැකර්වරු’ විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ හෙළි කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරන බවත් පැවසු ප්‍රදීප් නිලංග දෑල මහතා සයිබර් ප්‍රහාරයට ලක්වූ දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්වයට පත්කරගෙන යන බවද වැඩිදුරටත් පැවසීය.

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ මුල්ම සයිබර් ප්‍රහාරය එල්ල වූ බවත් ඉන් අනතුරුව පස්වරුවේ තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවත් නිලංග දෑල මහතා වැඩිදුරටත් පැවසීය.

#PresSL #lka #CeylonBritannia

 8,636 total views,  46 views today

Loading...