බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශයක් ගැනීමට CIDය රනිල්ගේ නිවසට යයි | Ceylon Britannia

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබෙන බවයි මින් පෙර වාර්තා වී තිබුණේ.

මීට පෙරද හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඔහුගේ නිවසට ගොස් ප‍්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දින වෙන් කර ගෙන තිබුණා.

නමුත් එදින ඔවුන් ප‍්‍රකාශයක් ලබාගැනීමට ගොස් නොමැති බව වාර්තා වී තිබුණා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගන්නැයි නීතිපතිවරයා නිකුත් කළ නියෝගයක් මතයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙසේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් ඇත්තේ.

#NewsHub #PresSL #lka #CeylonBritannia

 18,851 total views,  2 views today

Loading...