” ජනතාවට ජය වේවා , ක්‍රීඩකයන්ට එරෙහි රජයේ විමර්ශනය හකුලා ගත්තා ” – සජිත් ගෙන් ට්විටර් පණිවිඩයක් | Ceylon Britannia

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා අද (03) සඳහන් කර සිටියා.

ඒ පිළිබඳව සතුට පළ කරමින් හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමාදාස මහතා කියා සිටින්නේ දැඩි ජනතා විරෝධය හමුවේ එම අසාධාරණ විමර්ශනය නවතා දැමීමට රජයට සිදු වූ බවයි.

එම මහතා මේ බව සඳහන් කරන ලද්දේ ට්විටර් සටහනක් තබමින්. එම පණිවිඩය පහතින්;

“ජනතා බලය ක්‍රියාත්මක වී ඇත. අවසානයේදී මහජන විරෝධය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් 2011 ලෝක කුසලාන කණ්ඩායම පිළිබඳව කළ ව්‍යාජ, දේශපාලනික විමර්ශනය හදිසියේම ඉවත් කර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාවට ජයවේවා! “

#PresSL #lka #CeylonBritannia

 7,932 total views,  44 views today

Loading...