බලයට පත් වූ පසු කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නවා – සජිත් ප්‍රේමදාස | Ceylon Britannia

තම ආණ්ඩුව බලයට පත් වූ පසු විනයාකමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කහපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

“මට අහන්න තිබෙනවා…. ප්‍රශ්නයක් දේශාභිමානය දේශප්‍රේමීත්වය ජාතිකත්වය දේශහිතෛෂීත්වය ඔය මහලොකුවට කතා කරපු ලොකු ලොකු ඇත්තෝ මොකද්ද වෙලා තියෙන්නෙ…. ඇයි කවුරුත් එළියට ඇවිල්ලා කරුණා කරපු ප්‍රකාශය ගැන අදහස් දක්වන්න නැත්තේ…. හැමෝම ගොළුවෙලා….

කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ… දේශප්‍රේමීත්වය ඉවරයි…. දේශාභිමානීත්වය ඉවරයි…

ඒක නිසා මිත්‍රවරුණි මේ රජය කරන මෝඩ ක්‍රියා…. මේ අමන ක්‍රියා…. ඇත්ත වශයෙන්ම රජය පිස්සු වැටිලා වගේ හැසිරෙන්නේ….

කිසිම දෙයක් කරගන්නට හැකියාවක් නෑ…. අවසානයේ රජය කරන්නේ තුන්දාහක් අපේ රටේ හමුදාව වීරෝදාර සෙබලියන් මරණයට පත් කරපු කරුණාගේ හිසමත ඔටුනු පලන්දන එක තමයි….. මහින්ද රාජපක්ෂ අගමැති තුමාත් පොහොට්ටු ආණ්ඩුව ක්‍රියා කරනවා…..

මම ඔබතුමන්ලා ට පුරුදු වෙනවා පස්වෙනිදාට අපේ අලුත් ආණ්ඩුව අලුත් රජය බිහි වෙනකොට….

අනිවාර්යෙන්ම අපේ රජයක් තුළින් තුන්දාහක් මරනයට පත් කරයි කියන ප්‍රකාශය පිළිබඳ කරුණාට පරීක්ෂණ පවත්වලා කරුණාව අපි අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවයි කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා…..”

#PresSL #lka #CeylonBritannia

 1,173 total views,  34 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *