රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට අවශ්‍ය සහය ලබාදෙනවා – ජනපති | Ceylon Britannia

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බවත් අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බවත් රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේය.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම හා වෙළෙඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බව සහ එනිසා බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යවසාස සංවර්ධන අධිකාරියේ සහාය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට ජනාධිපතිතුමා එකගතාවය පලකල බව සදහන්ය.

ඒ පිළබදව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීනී මරිනා පෙරේරා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහන පහතින්

#PresSL #lka #CeylonBritannia

 8,806 total views,  4 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *