කොරෝනා මරණ අඩු කරන ප්‍රතිකාරයක් බ්‍රිතාන්‍යයෙන් සොයා ගනියි | Ceylon Britannia

ලාභදායී හා බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයකින් කොරොන වෛරසයෙන් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි බව විද්‍යාඥයින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු කරන dexamethasone නම් ඖෂධයකින් කොරෝනා වෛරසයට එරෙහි සටනේ විශාල ඉදිරි ගමනක් බවයි බ්‍රිතාන්‍ය විශේෂඥයින් පවසන්නේ.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණ වලදී dexamethasone බලාපොරොත්තු සහගත තත්ත්වයක් ගෙනදී ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මරණාසන්නව ශ්වසන ආධාරක යන්ත්‍රවල සහ ඔක්සිජන් වලින් සහය ලබමින් සිටින කොරෝනා ආසාදිත රෝගීන් ගෙන් බහුල පිරිසකට මෙම ඖෂධය ලබාදිමෙන් පසුව සුවය ලබා ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයේදීම මෙම ඖෂධය භාවිතය කළේ නම් එරට කොරෝනා මරණ 5000ක් වළක්වා ගැනීමට හැකිව තිබු බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටියේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයින් පිරිසක් මෙම පර්යේෂණය සිදුකරනු ලැබුවා.

“මරණ අනුපාතය අඩු කරන බව මෙතෙක් පෙන්වා දී ඇති එකම ඖෂධය මෙය බවත් කොවිඩ් 19 වසංගතයට එරෙහි ගමනට එය විශාල ඉදිරි පියවරක්” මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය පීටර් හෝර්බි පැවසුවේ.

#PresSL #lka #CeylonBritannia

 3,498 total views,  74 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *