ප්‍රතිකාර ලබා පිටව ගිය අනුරාධපුරයේ කාන්තාවට යළි කොරෝනා ආසාදනය වෙලා : IDH රෝහලට ඇතුලත් කරයි | Ceylon Britannia

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී තිබෙනවා. මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වනවා.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයන් ගෙන් තහවුරු වීමෙන් අනතුරුව 36 හැවිරිදි එම කාන්තාව නිවෙස කරා පිටත්කර යැවීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබෙනවා.

සිය නිවසට ඊයේ දිනයේදී ඇය යලි පැමිණීමෙන් පසු යළි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය අද දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් වූ බවයි එහි අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර ප්‍රකාශ කලේ.

ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

#PresSL #lka #CeylonBritannia

 1,829 total views,  26 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *