Featured Video Play Icon

ඉරාජ් කියන්නේ සංස්කෘතියක් හෝ බුදු දහමක් දන්නේ නැති ලිංගික ඇරියස් එකකින් පෙලෙන කෙනෙක් – උපුල් ශාන්ත සන්නස්ගල | Ceylon Britannia

“සමාජ මාධ්‍ය ජාලා සහ පෞද්ගලික ජීවිත” යන මාතෘකාව ඔස්සේ එංගලන්තයේ කිරණ TV මාධ්‍යවේදීන් විදිහට තුෂාර පෙරේරා වන මා ඇතුලු ජයසංඛ විජේසිංහ සහ රොෂාන් යාපා විසින් ලේඛකයෙක්, ගීත රචකයෙක් සහ හිටපු සිංහල භාෂා ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාගෙන් ප්‍රශ්ණ කර උත්සහ කරන ලද්දේ සමස්ථ සමාජ ක්‍රමයම සමාජ මාධ්‍ය ඔස්සේ නායයමින් තිබන මොහොතක එය වලක්වාලීම සදහා කවර පිළියමක් ගත හැකිද යන්න පිළිබදව වැලලී ඇති බුද්ධිමය අදහස් උතික්ෂිප්ත කරගැනීමටය.

වැඩසටහනේදී සන්නස්ගල මහතා දැක්වූ අදහස් වල සංක්ෂිප්ත එකතුව පහත පරිදි පෙළ ගසන්නේ ඔබගේ පහසුව පිණිසය.

✅ මහින්ද රාජපක්ෂ ජාතිවාදී නැහැ, හැබැයි මම ඡන්දෙන් පැරදුනේ ජාතිවාදී නොවූ නිසා.

✅ ළමා පාතාලය TV වලින් පෙන්වීම සදහා පරිසරය හැදීම සහ ඒ සදහා ළමයින් පොළඹවපු එවුන්ව අල්ලන් නැතුව ළමයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම ළමා රක්ෂණ අධිකාරිය කරපු ලොකු වරදක්.

✅ ආගම සහ ජාතිය පට්ට හොරු රකින ආභරණයක්.

✅ සමිතා මුදුන්කොටුව කියන්නෙ පීචං රැළේ ගායිකාවක් නෙමෙයි, ඇය හොද ප්‍රතිභාන්විත කටහඩක් තියෙන ගායිකාවක්.

✅ Social media කියන්නෙ ඉවසීම නැතිකරන මාධ්‍යයක් වගේම කැලෑ පත්තරයක්.

✅ ගල් කන්දෙ ධම්මානන්ද හාමුදුරුවන්ගෙ බණක් අහලා බලන්න, හොද බෞද්ධ නිකායක් නිර්මාණය වෙමින් පවතිනවා.

✅ ජයග්‍රහණය මනින්න ඕනෙ කෝපාවිෂ්ඨවූ ජනතාව කියන රළු අදහස් වලින්.

✅ ඉරාජ් වීරරත්න දන්න සංස්කෘතියක් හෝ බුදු දහමක් නැහැ. කූඹි පුකක් තරම් මොළයක් තියෙන කෙනෙක්ට තේරෙනවා ඉරාජ් කරන්නෙ project එකක් කියලා.

✅ මෑත කාලීන දේවල් වලට බලපාන ඈත කාලීන දේවල් – වික්ටර් රත්නායක තමයි පුවත්වත්වල මුලින්ම ඉරාජ් ගේන සංස්කෘතියට ගැහැව්වෙ, ඒ නිසා ඉරාජ් කරන සියලු දේවල් ඇතුලේ පොඩි ලිංගික arrears එකක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

✅ තිස්ස ජනනායක හිතාමතාම තක්කඩි ප්‍රකාශ 2 ක් කරනවා 1) විශාල අරගලයකින් පසුව ඉන්දු ලංකා ගිවිසුම අකුල ගත්තා. 2) මා ලග තියෙන්නෙ ශුද්ධ ජාන.

✅ ඉහත ප්‍රකාශ තමාට වැරදුනා කියලා පිළිනොගන්න තිස්ස වගේ පචයෙක් මගේ මිත්‍රයෙක් වෙන්න ඕනෙ නැහැ.

✅ සමාජ ක්‍රමයක්ම නාය යද්දී FB එක විතරක් ක්ෂේම භූමියක් වෙන්නෙ නැහැ.

✅ අගෝරාව වෙනුවට ඇරීනාව යෝජනා කල යුතුයි.

✅ Social media ලස්සනට පාවිච්චි කරන බුද්ධිමත් මිනිස්සු ලෝකය වෙනස් කරයි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා මේ අදහස් පලකරේ ජූනි මස 06 වන සෙනසුරාදා එංගලන්තයේ කිරණ TV ඔස්සේ විකාශනය වූ “ Talk with Kirana ” වැඩසටහනට අදහස් දක්වමිනි.

— තුෂාර පෙරේරා

#PresSL #lka #CeylonBritannia

 3,492 total views,  2 views today

Loading...

4 Replies to “ඉරාජ් කියන්නේ සංස්කෘතියක් හෝ බුදු දහමක් දන්නේ නැති ලිංගික ඇරියස් එකකින් පෙලෙන කෙනෙක් – උපුල් ශාන්ත සන්නස්ගල | Ceylon Britannia”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *